E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

5774/ 2015 - ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5774/’14

      ගරු පාලිත තෙවරප්පෙරුම මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මතුගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ, හොරවල උප කාර්යාල සීමාව තුළ  හොරවල, දියකිතුලගොඩවත්ත, මතුගම - අළුත්ගම පාරට මුහුණලා පිහිටි අමරපාල ජයනෙත්ති මහතාට අයත් පර්චස් 2.8ක කුඩා ඉඩමේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලැස්ම අනුමතකර ඇති බවත්;

      (ii) එම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු අවට නිවෙස්වලට ගමන් කරන මාර්ගයට හා අසල ඉදිකර ඇති ගොඩනැගිලිවලට අවහිරතා ඇති වන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් ‍ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම රජයේ නීති රීති අනුව සිදු කර තිබේද;

      (ii) නොඑ‍සේ නම්, එම ගොඩනැගිලි සැලැස්මට අනුමතිය ලබා දී ඇති  ක්‍රියා පිළිවෙත කවරේද;

      (iii) එම අනුමතිය කිනම් පාර්ශ්වයක අවශ්‍යතාවය මත සිදු කර තිබේද;

      (iv) රජයේ නීති රීති අනුව නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවසරය ලබා දීම සඳහා තිබිය යුතු අවම බිම් ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අමරපාල ජයනෙත්ති මහතාට අයත් ඉඩම : ස්ථිර ගොඩනැඟිල්ල

පිළිතුරු දුන් දිනය

2015-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කරු ජයසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks