E   |     |  

 දිනය: 2015-04-08   පිළිතුර ලබා දී ඇත 

5846/ 2015 - ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5846/’14

       

      ගරු මොහමඩ් අස්ලම් මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලයේ, අංක R/0682/T/036 යටතේ ලියාපදිංචි ජුම්ආ දේවස්ථානයට අවසන්වරට නීත්‍යානුකූලව භාරකරුවන් පත්කරන ලද දිනය කවරේද;

      (ii) එම භාරකරුවන්ගේ නම්  සහ ලිපිනයන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් දේවස්ථානයට අයත් නිශ්චල දේපළ (ඉඩම්, නිවාස හා වෙළඳසැල්) සංඛ්‍යාව කොපමණද;

      (ii) එම දේපලවලට අයත් හිමිකම්පත් (ඔප්පු) දේවස්ථානය නමින් තිබේද;

       (iii) එම එක් එක් දේපළ  කුලී පදනම මත හෝ බද්දට ලබාදීමේදී වකුෆ් පනතේ සඳහන් විධිවිධාන පරිදි ගිවිසුම් අත්සන් කර තිබේද;

      (iv) එසේ නම්, එම ගිවිසුම් අත්සන් කළ දින සහ අදාළ බදුකරුවන්ගේ නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) ඉහත සඳහන් එක් එක් දේපළ, බදු හෝ කුලී පදනම යටතේ ලබාදීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලයේ අනුමතිය ලබාදී තිබුනේද  යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-08

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks