බලන්න

E   |     |  

 දිනය: 2015-04-09   පිළිතුර ලබා දී ඇත 

5847/ 2015 - ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5847/’14

       

      ගරු මොහමඩ් අස්ලම් මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලයේ, අංක R/0682/T/036 යටතේ ලියාපදිංචි ජුම්ආ දේවස්ථානයේ නිශ්චල දේපළ (ඉඩම්, නිවාස හා වෙළඳසැල්) පරිහරණයේදී සිදුවී යැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන්නේද;

        (ii)  එම දේවස්ථානයට අයත් දේපළවලින් ලැබෙන ආදායම හා වැය ශේෂය සම්බන්ධයෙන් විශේෂිත නව භාරකාර මණ්ඩලයක් යටතේ විගණනය කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  ඉහත සඳහන් වකුෆ් දේපළ පරිහරණයේදී වංචා සහගත ලෙස, පුද්ගල නමින් ඔප්පු සකස් කොට පවරන ලද දේපළ තිබේද;

        (ii)  එසේ නම්, එවැනි දේපළ තහනම් කිරීමටත්, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් උපදෙස් දෙන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-09

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජුම්ආ දේවස්ථානයේ නිශ්චල දේපළ: අයථා පරිහරණය

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks