E   |     |  

 දිනය: 2015-10-23   පිළිතුර ලබා දී ඇත 

0031/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 31/’15

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)         (i)      අද වනවිට වි‍දේශ රටවල අත්අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව  කොපමණද; සහ

                   (ii)      ඔවුන් අත්අඩංගුවේ පසුවන රටවල් හා එක් එක් රටේ සිටින ධීවරයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) අත්අඩංගුවේ පසුවන එක් එක් ධීවරයාගේ  නම, ලිපිනය, දුරකථන අංකය හා අත් අඩංගුවේ පසුවන කාල සීමාව වෙන් වෙන් ‍වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) (i) අත්අඩංගුවට පත්වන ධීවරයන් කඩිනමින් මුදා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද;

      (ii) ධීවරයන් මුහුදු සීමා උල්ලංඝනය කිරීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;

      (iii) අත්අඩංගුවට පත් ධීවරයන් නිදහස් වූ පසු තම රැකියාව නැවත ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන්නේද; සහ

       

      (iv) එසේ නම්, ඒ කෙසේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?       

       (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-10-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වි‍දේශ රටවල අත් අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයින් : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලිප් වෙදආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks