පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
34/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) 2014 වර්ෂය තුළ දී සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කළ මුදල කොපමණද;
(ii) එම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ සමාගම කවරේද;
(iii) එම සමාගම වෙත අදාළ ප‍්‍රතිසංස්කරණ කටයුතු ලබා දීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේද;
(iv) එසේ නම්, එම සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයේ වටිනාකම කොපමණද;
(v) ටෙන්ඩර් ඉදිරිපත් කළ අනෙකුත් සමාගම් කවරේද;
(vi) එම සමාගම්වල නම්, ලිපින, දුරකථන අංක, අයත් රට හා ටෙන්ඩර් වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උක්ත සමාගම සඳහා ටෙන්ඩරය ලබා දීමට හේතු කවරේද;
(ii) එම සමාගම සමග කටයුතු කිරීමෙන් රජයට අලාභයක් සිදුවී ඇති බව එතුමා දන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සපුගස්කන්ද තෙල් පිරිපහදුව : ප‍්‍රතිසංස්කරණ කටයුතු
පිළිතුරු දුන් දිනය
2015-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks