E   |     |  

 දිනය: 2015-11-03   පිළිතුර ලබා දී ඇත 

0039/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 39/’15

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

      (අ)          (i)      වර්ෂ 2010 සිට 2014 දක්වා (එම වර්ෂ දෙකද ඇතුලත්ව) වසර 5 තුළ මැද පෙරදිග රටවලදී ලිංගික අපයෝජනයන්ට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම කාන්තාවන් සේවය  කළ මැදපෙරදිග රටවල් කවරේද;

      (iii) උක්ත එක් එක් කාන්තාව වෙනුවෙන් එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

       

      (ආ) (i) උක්ත ලිංගික අපයෝජනයන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම  එක් එක් පුද්ගලයාට එරෙහිව ගත් පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) විදෙස්ගත වන ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ පියවර ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම පියවර කවරේද;

      (iii) ශ‍්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවය සඳහා විදෙස්ගත වීම සීමා කිරීමට ගන්නා පියවර කවරේද;

      යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-11-03

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මැද පෙරදිග රටවලදී ලිංගික අපයෝජනයන්ට ලක්වූ කාන්තාවන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks