E   |     |  

 දිනය: 2015-11-21   පිළිතුර ලබා දී ඇත 

0165/ 2015 - ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 165/’15

       

      ගරු ලකී ජයවර්ධන මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      1977 සිට දීර්ඝ කාලයක් උඩුනුවර මැතිවරණ බලප්‍රදේශය පුරා යටිනුවර ඩිපෝව මගින් ක්‍රමවත් බස්රථ සේවාවක් උඩුනුවර මගී ජනතාවගේ පහසුව සඳහා යොදා තිබූ බවත්; සහ

      (ii) ප්‍රාදේශීය මට්ටමින් ඩිපෝ පවත්වාගෙන යමින් ප්‍රදේශයේ මගී ජනතාවට පහසුකම් සැලසීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අරමුණ වූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත අ (i) හි සඳහන් කාලය තුළ බස්රථ ධාවනය කළ මාර්ග හා මාර්ග අංක කවරේද;

      (ii) එම මාර්ගවලින් යටිනුවර ඩි‍පෝව මගින් මේ වනවිට බස්රථ ධාවනය නොකරන මාර්ග කවරේද; සහ

      (iii) දැනට බස්රථ ධාවනය කරන මාර්ග, මාර්ග අංක හා වේලාවන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) මේ වනවිට යටිනුවර ඩිපෝව මගින් ධාවනය නතර කර ඇති කලින් බස්රථ ධාවනය කළ මාර්ගවල යළි බස්රථ ධාවනය කරලීමට කටයුතු කරන්නේද; සහ

      (ii) එසේනම්, ඒ කවර දිනක සිටද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?  

අසන ලද දිනය

2015-11-21

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යටිනුවර ඩිපෝවේ බස් රථ ධාවනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks