E   |     |  

 දිනය: 2015-11-24   පිළිතුර ලබා දී ඇත 

0177/ 2015 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 177/’15

       

      ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      සුනාමි ව්‍යසනය නිසා නිවාස අහිමිවූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන්, අම්පාර දිසාපති/දිස්ත්‍රික් ලේකම් දැනුවත් කරන ලද ජනාධිපති ලේකම් කාර්යාලයේ 2010.09.30 දිනැති අංක SD/8/2 ලිපිය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ 2010.11.02 දිනැති අංක MNBD/06/AD/CO/16 ලිපිය සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ 2010.09.23 දිනැති අංක MDM/AS/DM/46 ලිපිය යන ලිපි පිළිබඳව ගනු ලැබූ පියවර කවරේද;

      (ii) ඒවායේ වර්තමාන ප්‍රගතිය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) සුනාමි ව්‍යසනය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ, සායින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස අහිමි වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

      (ii) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

      (iii) නිවාස අහිමිවූවන් අතරින් ‍මේ වනවිට ස්ථිර නිවාස ලබාදී ඇති පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන් කවරේද;

      යන්න එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-11-24

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සුනාමි ව්‍යසනය නිසා නිවාස අහිමි වූවන් : සායින්දමරුදු ප්‍රා.ලේ. කොට්ඨාසය

පිළිතුරු දුන් දිනය

2015-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks