පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
200/’15
ගරු අනුර දිසානායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා කවරේද;
(ii) එම එක් එක් පාඨමාලාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උක්ත විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන විදේශීය හා දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) වෛද්‍ය පීඨයට විදේශීය ශිෂ්‍යයන් බඳවාගැනීමේ නිර්ණායක කවරේද;
(iii) එම විදේශීය ශිෂ්‍යයන්ගේ නම්, ඔවුන් කුමන රටක පුරවැසියෙකුද යන වග, විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් සහ ඔවුන්ගෙන් අය කළ මුදල අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) උක්ත විශ්වවිද්‍යාලයේ හෙද පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කවරේද;
(ii) ඔවුන්ගේ නම්, උසස් පෙළ විෂය ධාරාව, උසස් පෙළ ප්‍රතිඵල සහ Z අගය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා සභාගත කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-02
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය: පාඨමාලා සහ සිසුන්
පිළිතුරු දුන් දිනය
2015-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks