E   |     |  

 දිනය: 2015-12-03   පිළිතුර ලබා දී ඇත 

0201/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 201/’15

       

      ගරු අනුර දිසානායක මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් කවරේද;

                   (ii)      ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

      (iii) වර්තමාන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා මීට පෙර රාජ්‍ය ආයතනවල හෝ පෞද්ගලික ආයතනවල දැරූ තනතුරු කවරේද;

      (iv) වෙළඳ කළමනාකරණය හා ප්‍රචාරණය සම්බන්ධයෙන් ඔහුට ඇති අත්දැකීම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති තනතුරේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගිය වසර දෙකක කාලය තුළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබේද;

      (ii) එසේ නම්, ඒ කවර දිනයකදීද; කවර ප්‍රමාණයකින්ද;

      (iii) වර්තමානයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප, දීමනා  සහ අනෙකුත් පහසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) ඔහුගේ මුළු වැටුප කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-12-03

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති : වැටුප, දීමනා සහ අනෙකුත් පහසුකම්

පිළිතුරු දුන් දිනය

2015-12-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks