E   |     |  

 දිනය: 2015-12-04   පිළිතුර ලබා දී ඇත 

0203/ 2015 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 203/’15

       

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      අභ්‍යාසලාභී උපාධිධාරීන්ට, සංවර්ධන සේවා ව්‍යවස්ථාවට අනුව ස්ථිර            පත්වීම් ලබාදීම සඳහා අංක 12/0030/523001 හා 2013.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අනුමතිය ලැබී ඇති බවත්;

      (ii) එසේ දකුණු පළාත් ස්ථිර රාජ්‍ය සේවය සඳහා බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පත්වීම් දිනය ලෙස, වසරක පුහුණු කාලය අවසන් වූ දිනය හෝ එම දිනය රජයේ නිවාඩු දිනයක් වේ නම්, එයට පසුව යෙදෙන පළමු  වැඩකරන දිනය ලෙස සලකන මෙන්, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තම අංක CS/DOS/21 හා 2014.11.18 දිනැති  ලිපිය මගින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත දන්වා ඇති බවත්;

      (iii) දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක CSS/2/13/GRAD/1-V හා 2014.08.12 දිනැති තීරණය ප්‍රකාරව, G/SP/12/08 හා 2014.11.18 දිනැති ආණ්ඩුකාර තීරණය මගින්, මාතර දිස්ත්‍රික්කය සඳහා බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් 313 දෙනෙකු වසරක පුහුණු කාලයෙන් පසු ස්ථිර පත්වීම් සඳහා හිමිකම් ලැබූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) දකුණු පළාත් ස්ථිර රාජ්‍ය සේවයට අභ්‍යාසලාභී උපාධිධාරීන් අන්තර්ග්‍රහණය කර ඔවුන්ට හිමි හිඟ වැටුප් සහ සේවා කාලය ලබාදෙන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-12-04

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දකුණු පළාත් අභ්‍යාසලාභී උපාධිධාරින් : ස්ථිර පත්වීම්

පිළිතුරු දුන් දිනය

2015-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks