E   |     |  

 දිනය: 2015-12-09   පිළිතුර ලබා දී ඇත 

0239/ 2015 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 239/’15

       

      ගරු විමලවීර දිසානායක මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)      රුපියල් ලක්ෂ  දෙකකට හෝ ඊට අඩු මුදලකට බැංකුවලට උකසට තබා ඇති,  රන් භාණ්ඩ බේරා ගැනීමේදී ජනතාවට සහනයක් ලෙස ඒ සඳහා අය කෙරෙන අධික පොළිය හා දඩ මුදල් කපා හැරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ නම්, ඒ සඳහා අදාළ බැංකුවලට යවන ලද චක්‍රලේඛ පිටපත් සභාගත කරන්නේද;

      (ii) එක් එක් බැංකුව මගින්, එසේ පොළී හා දඩ මුදල් කපා හැර ඇති, ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඒ සඳහා රජය මගින් අදාළ බැංකුවලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේද;

      (iv) එසේ නම්, එම මුදල් ප්‍රමාණය, එක් එක් බැංකුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2015-12-09

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උකස් කළ රන් භාණ්ඩ සඳහා ලබා දුන් සහන : විස්තර

පිළිතුරු දුන් දිනය

2016-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කබීර් හෂීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks