E   |     |  

 දිනය: 2016-02-09   පිළිතුර ලබා දී ඇත 

0249/ 2016 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 249/’15

       

      ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2015.10.15 දින පස්වරුවේ අධික වැසි සහිත කාලගුණයක් පවතිද්දී, මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ අනාරක්ෂිත කාණුවකට වැටීමෙන් මහ / බදියුද්දීන් මහමුද් බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ පාතිමා අස්රා ශිෂ්‍යාව මියගිය බව එතුමා දන්නෙහිද?

      (ආ) අනපේක්ෂිත ලෙස සිදුවූ අනතුරකින් මියගිය එම ශිෂ්‍යාවගේ ජීවිතය අහිමිවීම නිසා වියෝවට පත්ව සිටින ඇයගේ දෙමව්පියන්ට, වන්දි මුදලක් පිරිනැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-09

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාතිමා අස්රා ශිෂ්‍යාවගේ මරණය : වන්දි

පිළිතුරු දුන් දිනය

2016-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks