පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
258/’15
ගරු ජයන්ත සමරවීර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද “මෛත්රීපාලනයක් සිය දිනකින් අලුත් රටක්” නමැති වැඩසටහනේ අංක 35 යටතේ, ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අසාධු ලේඛනයට ඇතුළත්ව ණය උගුලේ හිරවී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ඉන් මුදවා ගෙන ලිහිල් කොන්දේසි සහිතව ණය ගෙවීමට අවස්ථාවක් සලසා දෙන බවට පොරොන්දුවක් ලබා දී තිබූ බව එතුමා දන්නෙහිද?
(ආ) 2015.11.01 දින වනවිට එම වැඩසටහන යටතේ සහන ලබා දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සංඛ්‍යාව, එක් එක් බැංකුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) එම වැඩසටහන යටතේ ලිහිල් කොන්දේසි මත ණය ගෙවීමට අවස්ථාව සලසා දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ නම්, ලිපිනය සහ ලබාගෙන තිබූ ණය මුදල පිළිබඳ විස්තර වාර්තාවක් සභාගත කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-26
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත ණය කරුවන්: සහන ලබා දීම
පිළිතුරු දුන් දිනය
2016-01-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජයන්ත සමරවීර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks