පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
265/’15
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 ජනවාරි 08 වැනිදායින් පසුව බලයට පත්වූ රජය මගින් ජාතික විධායක සභාවක් ආරම්භ කළ බව පිළිගන්නේද;
(ii) ජාතික විධායක සභාවේ අරමුණු කවරේද;
(iii) එහි සාමාජිකයින්ගේ නම් කවරේද;
(iv) ඔවුන් පත් කළ පදනම කවරේද;
(v) එම පත්කිරීම් කළ බලධාරියා කවුරුන්ද;
(vi) එම සාමාජිකයන් පත්කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ රටේ පවතින කවර නීතියක් යටතේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජාතික විධායක සභාව රැස් වූ වාර ගණන කවරේද;
(ii) එම රැස්වීම්වලදී ගත් තීරණ කවරේද;
(iii) ජාතික විධායක සභාව විසින් ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා ලද පියවර කවරේද;
(iv) එම සභාව දැනටත් ක්‍රියාත්මකව පවතින්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ජාතික විධායක සභාවට කවර හෝ පුරවැසියකු අත්අඩංගුවට ගන්නා මෙන් පොලීසිය වෙත නියෝග නිකුත් කිරීමට බලය තිබේද;
(ii) එසේ නම්, ඒ කවර නීතියක් යටතේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) ජාතික විධායක සභාව, දේශපාලන නායකයින් අවමානයට ලක්කිරීම සඳහා පිහිටුවාගත් නීති විරෝධී දේශපාලන මෙවලමක් බව පිළිගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-19
අසන ලද්දේ
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks