E   |     |  

 දිනය: 2016-02-26   පිළිතුර ලබා දී ඇත 

0301/ 2016 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 301/’15

       

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ලෝක වෙළඳපොළෙන් බොරතෙල් මිලදී ගත් දින සිට දේශීය වෙළඳපොලේදී පාරිභෝගිකයාට විකිණීම දක්වා ගතවන කාලය කොපමණද;

          (ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2014 නොවැම්බර් මාසය සහ 2015 අගෝස්තු මාසය තුළදී බොරතෙල් මිලදී ගත් මාසික සාමාන්‍ය මිල කවරේද;

            (iii) ලෝක වෙළඳපොළෙන් පෙට්‍රල් මිලදී ගත් දින සිට දේශීය වෙළඳපොළේදී පාරිභෝගිකයාට විකිණීම දක්වා ගතවන කාලය කොපමණද;

            (iv) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2014 දෙසැම්බර් මාසය සහ 2015 සැප්තැම්බර් මාසය තුළදී පෙට්‍රල් මිලදී ගත් මාසික සාමාන්‍ය මිල කවරේද;

      (v) 2015 ජනවාරි 09 වැනි දින සහ 2015 ඔක්තෝම්බර් 09 වැනි දින ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක සිල්ලර මිල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ලෝක වෙළඳපොළේ ඛනිජතෙල් මිල පහත වැටීමේ වාසිය පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ මන්ද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-26

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බොරතෙල් සහ පෙට්‍රල් මිල දී ගැනීම: ලෝක වෙළඳ පොළ මිල

පිළිතුරු දුන් දිනය

2016-02-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනෝමා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks