E   |     |  

 දිනය: 2016-01-27   පිළිතුර ලබා දී ඇත 

0315/ 2016 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 315/’15

       

      ගරු විමලවීර දිසානායක මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අම්පාර නගර සභා බලප්‍රදේශයේ, නවගම්පුර ග්‍රාමයේ නිවාස 25ක් ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉඩම් කට්ටි 25ක් වෙන් කර දී ඇති බවත්;

                   (ii)      එම ඉඩම් බෙදා දීමේදී, අංක 2008/4 චක්‍රලේඛය හෝ පදිංචියට ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු වෙනත් ආඥාපනත් හෝ විධිමත් ක්‍රියාපටිපාටි හෝ අනුගමනය කර නොමැති බවත්;

      (iii) ඉහත ඉඩම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බෙදා දෙනු ලැබූවද, ඒ සඳහා අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විධිමත් අනුමතියක් ලබාගෙන නොමැති බවත්;

      (iv) බෙදා දෙනු ලැබූ ඉඩම්වල ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සැකසීමේදී හෝ නිර්දේශ කිරීමේදී සිදුවූ අසාධාරණ කටයුතු නිසා, නවගම්පුර ගම්මානයේ හා අම්පාර නගරයේ පදිංචියට ඉඩම් කොටසක් නොමැතිව පීඩාවට පත් වී සිටින ජනතාවට අසාධාරණයක් සිදුවූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත (අ) හි සඳහන් සියළු කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේද; 

      (ii) මෙම ඉඩම් බෙදා දීමේ අසාධාරණ පිළිවෙළ නිසා අම්පාර නගර සභා  බලප්‍රදේශයේ  අ(iv) හි සඳහන් වන ඉඩම් අහිමි ජනතාවට සිදුවූ අගතිය නිවැරදි කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-01-27

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නවගම්පුර ග්‍රාමයේ ඉඩම් බෙදා දීම : විධිමත් පරීක්ෂණයක්

පිළිතුරු දුන් දිනය

2016-06-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks