E   |     |  

 දිනය: 2016-02-25   පිළිතුර ලබා දී ඇත 

0338/ 2016 - ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 338/’15

       

      ගරු නාමල් රාජපක්‍ෂ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මහින්දෝදය පාසල් 1000 වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ,

                    (i)       ඉදිකිරීමට සැලසුම් කළ මහින්දෝදය විද්‍යාගාර සංඛ්‍යාව;

                   (ii)       දැනට ඉදිකර ඇති මහින්දෝදය විද්‍යාගාර සංඛ්‍යාව;

      (iii) දැනට ඉදිකර ඇති මහින්දෝදය විද්‍යාගාරවලින් සිසු අයිතියට පත්කර ඇති සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) තාක්ෂණ විෂයධාරාව සඳහා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර (තෙමහල් ගොඩනැගිලි) ඉදිකිරීම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ,

      (i) ඉදිකිරීමට සැලසුම් කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංඛ්‍යාව;

      (ii) දැනට ඉදිකර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංඛ්‍යාව;

      (iii) දැනට ඉදිකර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරවලින් සිසු අයිතියට පත්කර ඇති සංඛ්‍යාව;

      කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-25

අසන ලද්දේ

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහින්දෝදය විද්‍යාගාර: හම්බන්තොට දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks