E   |     |  

 දිනය: 2016-04-08   පිළිතුර ලබා දී ඇත 

0364/ 2016 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 364/’15

       

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2010 ජූලි මස දඹුල්ලේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය අතරතුර, ජූලි 18 දින රාත්‍රියේ ඉන්දීය ක්‍රීඩකයෙකු රැඳී සිටි කණ්ඩලම හෝටල් කාමරයක් තුළට කාන්තාවක් ගිය බවත්, ඇය රැය පහන්වන තුරු එහි රැඳී සිටි බවත්;

      (ii) මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් ක්‍රීඩා ආරක්ෂක උපදේශකවරයා විසින් එවකට ක්‍රිකට් ලේකම්වරයාට පිටපත් සහිතව ඉන්දීය කළමණාකරුට ලිඛිතව දැනුම් දුන් බවත්;

      (iii) එම ලිපියෙහි අන්තර්ගතය අනුව අල්ලස් ලබාදීමේ උත්සාහයක් තිබූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මේ සම්බන්ධයෙන්,

      (i) තරඟාවලිය සංවිධානය කළ රටෙහි ක්‍රිකට් ලේකම්වරයා විසින් ගත් පියවර කවරේද;

      (ii) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගත් පියවර කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ලිඛිත වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව තිබේද;

      (ii) එසේ නම්, ඒවා ඉදිරිපත් කරන්නේද;

      (iii) නොඑසේ නම්, එම වාර්තා විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ කවුරුන්ද;

      (iv) වාර්තා විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නේද;

      (v) එම පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දරන්නෙකු වරදකරුවකු වුවහොත් ඔහු තනතුරෙන් ඉවත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-04-08

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2010 වර්ෂයේ ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇති වූ සිද්ධිය: ගෙන ඇති පියවර

පිළිතුරු දුන් දිනය

2016-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයාසිරි ජයසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks