පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
367/’15
ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුල්ලිකුලම් ප්‍රදේශයේ ප්‍රජාවගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික සහ දේශපාලන අයිතීන් හානියට ලක් වී ඇති බවත්;
(ii) යුද්ධයේ අවසන් අවධියේදී, තමන්ට අයිති කිසිවක් නොගෙන වහාම තමන්ගේ නිවෙස්වලින් පිටව යන මෙන් හමුදාව ඔවුනට අණකර ඇති බවත්;
(iii) එමගින් ඔවුන්ගේ මුල් පදිංචි ස්ථානවලින් ඔවුන් ඉවත් කිරීම මගින්, අවතැන්භාවයට පමුණුවා, පීඩාවට පත්කොට තිබෙන බවත්;
(iv) ජනාධිපතිවරයා, දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් පසු පස යමින්, සිය ඉඩම් නැවත අත්පත් කර ගැනීමට මුල්ලිකුලම්හි ජනතාව නොයෙක් ආකාරයෙන්, බොහෝ සේ උත්සාහ කළ නමුත් බලධාරීන් එය නොසලකා හැර ඇති බවත්;
(v) මුල්ලිකුලම්හි අලුතෙන් ස්ථාපනය කරන ලද නාවුක හමුදා කඳවුර හේතුවෙන්, පවුල් 150කගේ, මුල් පදිංචි ඉඩම් නැවත අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුව කඩවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඔවුන්ගේ මුල් ගම්බිම්වල ඔවුන් නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගනු ලබන්නේද;
(ii) ඔවුන්ගේ දිගුකාලීන දුක් ගැනවිලි නිමා කරමින්, යටිතල පහසුකම් හා අධ්‍යාපන පහසුකම් සපයා දෙන්නේද;
(iii) ඔවුන් නැවත මුල් ගම්බිම්හි පදිංචි නොකරන්නේ නම්, ඔවුන්ගෙන් අදහස් විමසා, විකල්ප ඉඩම් ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-27
අසන ලද්දේ
ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මුල්ලිකුලම් ප්‍රදේශයේ අවතැන් වූවන් : නැවත පදිංචි කිරීම
පිළිතුරු දුන් දිනය
2016-01-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී.එම්. ස්වාමිනාදන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks