පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
442/’16
ගරු ප්‍රසන්න රණතුංග මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වසරේ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන ලද පුද්ගලයින්ගේ නම් කවරේද;
(ii) 2014.01.01 සිට 2014.12.31 දක්වා පවත්වනු ලැබූ එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගීවීම වෙනුවෙන් එක් එක් අධ්යක්ෂවරයාට ගෙවා ඇති දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015.01.08 දින සිට මේ දක්වා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන පුද්ගලයින්ගේ නම් කවරේද;
(ii) 2015 වර්ෂයේ එම ආයතනයේ පවත්වනු ලැබූ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සංඛ්‍යාව, ඒ සඳහා සහභාගී වූ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ ඒ වෙනුවෙන් ගෙවා ඇති දීමනාවන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-22
අසන ලද්දේ
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා හොස්පිට්ල්ස් ආයතනය : අධ්යක්ෂ මණ්ඩලය
පිළිතුරු දුන් දිනය
2016-05-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks