E   |     |  

 දිනය: 2016-06-10   පිළිතුර ලබා දී ඇත 

0462/ 2016 - ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 462/’16

       

      ගරු ඊ. සරවනපවන් මහතා,— ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      පසුගිය රජයේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් ප්‍රජා සංවර්ධන සහකාර තනතුරුවලට  ඉල්ලුම්පත් ‍කැඳවීමේදී, ජන අනුපාතය, භාෂා අනුපාතය සහ ප්‍රාදේශීය වශයෙන් ප්‍රමුඛතාවය ලබා නොදුන් බවත්;

      (ii) මෙම අමාත්‍යාංශය වසර 30කට වැඩි කාලයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක නොවීමෙන් එහි පුරප්පාඩු ඇති වූ බවත්;

      (iii) (i)හි සඳහන් කරුණු නොසලකමින් දීපව්‍යාප්ත පුරප්පාඩු 205ක් සඳහා වූ තරඟ විභාගයෙන් සිංහල, මුස්ලිම් හා දෙමළ  පිළිවෙළින් 189, 15 සහ 01 වශයෙන් අපේක්ෂකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී මතු කළ විරෝධය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා විසින් එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලද බවත්;

      (iv) කෙසේ වුවද, (i)හි කරුණු නොසලකමින් ඉහත (iii)හි පරිදි ප්‍රජා සංවර්ධන සහකාර තනතුරුවලට බඳවාගෙන ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) දැනට උතුරු නැගෙනහිර පළාත්වල තිබෙන පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ක්‍රියා කරන ආකාරය කවරේද;

      (ii) (i)හි කරුණු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට යහපාලනය තුළ ඔබ අමාත්‍යාංශය කටයුතුකර නොමැති බව  පිළිගන්නේද;

      (iii) එසේ නම්, එම අඩුපාඩුව සම්පූර්ණ කිරීමට කටයුතු කරන්නේ කෙසේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-06-10

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks