E   |     |  

 දිනය: 2016-05-19   පිළිතුර ලබා දී ඇත 

0512/ 2016 - ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 512/’16

       

      ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මේ දිනවල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අඩුම මට්ටමට පැමිණ ඇති බව එතුමා පිළිගන්නෙහිද?

      (ආ) වර්තමානයේදී බොරතෙල් මිල අඩුම මට්ටමට පැමිණීම අනුව, සාධාරණ ලාභ ආන්තිකයක් සහිතව ඩීසල් ලීටරයක් රු. 31.00 කට ද, පෙට්‍රල් ලීටරයක් රු. 52.00 ට ද පාරිභෝගිකයන් හට ලබාදීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට හැකි බව එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) (i) පසුගිය මැතිවරණ කාලය තුළදී ලබා දුන් පො‍රොන්දු ප්‍රකාරව ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් අඩු කිරීමට රජය විසින් තීරණය කරනු ලබන්නේ කවදාද;

      (ii) මෙලෙස බොරතෙල් මිල ගණන් ඉතිහාසය තුළ අඩුම මට්ටමට පහත වැටීම සැලකිල්ලට ගෙන අපේක්ෂිත මිල අඩු කිරීම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-05-19

අසන ලද්දේ

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks