E   |     |  

 දිනය: 2016-11-18   පිළිතුර ලබා දී ඇත 

0528/ 2016 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      (i)          වර්ෂ 2015 වනවිට ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කරනු ලැබූ භූමි ප‍්‍රමාණය කොපමණද;

                 (ii)        2010 සිට 2015 දක්වා වසර පහ තුළ ගම්මිරිස් නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග‍්‍රෑම් කොපමණද;

      (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම ගම්මිරිස් මිලදී ගන්නේද;

      (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් ගම්මිරිස් ප‍්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ගම්මිරිස් නිෂ්පාදනය ඉහළ දැමීමට රජය පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-18

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගම්මිරිස් නිෂ්පාදනය :විස්තර

පිළිතුරු දුන් දිනය

2017-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks