පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
548/’16
ගරු විමල් වීරවංශ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික සංහිඳියාව සඳහා වූ කාර්යසාධක බලකාය නම් වූ ආයතනයක් පිහිටුවා තිබේද;
(ii) එසේ නම්, එය පිහිටුවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය යටතේද;
(iii) එය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රජය විසින් පිළිගනු ලැබූ යෝජනාවලිය අනුවද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත කාර්යසාධක බලකාය පිහිටුවීමේ අරමුණු සහ එයට පවරා ඇති කාර්යභාරය කවරේදැයි එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත කාර්යසාධක බලකායේ සභාපති හා අනෙකුත් සාමාජිකයින් කවුරුන්ද;
(ii) ඔවුන්ගේ සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මෙම කාර්යසාධක බලකායේ කටයුතු වෙනුවෙන් එහි සභාපති සහ අනෙකුත් සාමාජිකයන් 10 දෙනාට ගෙවනු ලබන දීමනා හා අනෙකුත් වරප්‍රසාද කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-10
අසන ලද්දේ
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks