E   |     |  

 දිනය: 2016-06-24   පිළිතුර ලබා දී ඇත 

0562/ 2016 - ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු එස්. ශ්‍රීතරන් මහතා,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      යාපනය කාර්මික විදුහලේ සිදුවූ මුදල් අක්‍රමිකතාව පිළිබඳව එතුමා දන්නේද;

                   (ii)      එසේ නම්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමට හේතු කවරේද;

                  (iii)      එම කාර්මික විදුහලේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ මුදල් වංචාව තහවුරු වීමෙන් පසු ඔහුට ස්ථාන මාරුවක් ලබා දී තිබේද;

      (iv) එසේ නම්, එම ස්ථාන මාරුව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

      (v) අදාළ ස්ථාන මාරුව අත්හිටුවා තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) යාපනය කාර්මික විදුහලේ වෙනත් ශාඛා එම දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබේද;

      (ii) නොඑසේ නම්, එම දිස්ත්‍රික්කයේ ජීවත්වෙන 650,000 ක ජනතාවට මෙම කාර්මික විදුහල ප්‍රමාණවත්ද;

      (iii) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-06-24

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks