E   |     |  

 දිනය: 2017-11-16   පිළිතුර ලබා දී ඇත 

0589/ 2017 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 589/’16

      ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ රක්ෂිත තුළ පවත්වාගෙන යනු ලබන හෝටල් ව්‍යාපාරය හා සම්බන්ධ පෞද්ගලික ආයතන සංඛ්‍යාව කොපමණද;

                  (ii)      මෙම ව්‍යාපාර සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) උක්ත ආයතනයන්ගෙන් වනාන්තරයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේද;

      (ii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

      (iii) ඉහත (i) හා (ii) සම්බන්ධ ක්‍රියාවලියේදී වන විනාශයට හේතු වන ආකාරයෙන් කටයුතු කළ ආයතනයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද;

      (iv) එසේ නම්, එම ආයතන සහ ලබාදුන් දඬුවම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-16

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks