E   |     |  

 දිනය: 2016-08-23   පිළිතුර ලබා දී ඇත 

0596/ 2016 - ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ලකී ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ පාසල් දහසක් සඳහා තාක්ෂණික විද්‍යාගාර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට විවෘත කර ඇති තාක්ෂණික විද්‍යාගාර සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම විද්‍යාගාර සඳහා පරිගණක හා උපාංග මිලදී ගැනීමට වැයකර ඇති මුළු මුදල කොපමණද;

      (iii) එම මිලදී ගැනීම් සිදුකර ඇත්තේ ක‍්‍රමවත් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක් යටතේද;

      (iv) එසේ නම්, ඒවා අනුමත කර ඇත්තේ කවුරුන් විසින්ද;

        යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) මෙම මිලදී ගැනීම් සිදු කිරිමේදී නියමිත ප‍්‍රමිතියෙන් තොර උපකරණ මිලදී ගෙන ඇති බවත්, මුල්‍ය අක‍්‍රමිකතාවන් සිදුවී ඇති බවත් පිළිගන්නේද;

      (ii) එසේ නම්, ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද;

      (iii) එමඟින් රජයට සිදුවී ඇති අලාභය කොපමණද;

      (iv) මේ සඳහා වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කඩිනමින් සිදු කරන්නේද;

      (v) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-08-23

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks