E   |     |  

 දිනය: 2016-06-23   පිළිතුර ලබා දී ඇත 

0632/ 2016 - ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ජයන්ත සමරවීර මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      වර්ෂ 1948 සිට 2015 ජනවාරි 08 දක්වා කාලය තුළ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කළ හා චෝදනා ඔප්පු වීමෙන් පසු වැරදිකරුවන් ලෙස සිරගත කළ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

      (ii) රක්ෂිත බන්ධනාගාරගත කළ හෝ සිරගත කළ භික්ෂූන්වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝ සිරගත කිරීමට හේතු වූ චෝදනාව හෝ වරද, එක් එක් භික්ෂූන්වහන්සේ අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) රක්ෂිත බන්ධනාගාරගත කළ හෝ සිරගත කළ භික්ෂුන්වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගතව හෝ සිරගත කර සිටි කාලය, එක් එක් භික්ෂූන්වහන්සේ  අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා සභාගත කරන්නෙහිද?

      (ආ) (i) 2015.01.08 සිට 2016.03.31 දක්වා කාලය තුළ රක්ෂිත බන්ධනාගාරගත කළ භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

      (ii) රක්ෂිත බන්ධනාගාරගත කළ භික්ෂූන්වහන්සේලාට එල්ල වුණු චෝදනාව, එක් එක් භික්ෂූන්වහන්සේ අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) මෙම භික්ෂූන්වහන්සේලා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාලය, එක් එක් භික්ෂූන්වහන්සේ අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-06-23

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks