පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
661/’16
ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ හුදෙක් කාන්තාවක් වීම පමණක් හේතුකොට ගෙන සමාජයේ සෑම අවස්ථාවකදීම කිසියම් වෙනස් ආකාරයේ සැලකිලිවලට ලක් වූ සහ ලක්වන කාන්තාවන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මේ වනවිට කිසියම් පියවරක් ගෙන තිබේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ආගම් හා ජාතීන් අනුව කාන්තා අයිතිවාසිකම් වෙනස්වීම් මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීතියට යම්කිසි බලපෑමක් සිදු වන්නේද;
(ii) එසේ නම්, එම බලපෑම කවරේද;
(iii) එම බලපෑම මඟින් විවිධ ජාතීන් හා ආගම් නියෝජනය කරන කාන්තාවන් කිසියම් වෙනස්කමකට භාජනය වන්නේද;
(iv) එසේ නම්, ලංකාවේ වෙසෙන සියලුම කාන්තාවන් එකම නීතියකට යටත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-22
අසන ලද්දේ
ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා හා ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks