පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
690/’16
ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වේවැල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ජීවිකාව කරගත් පිරිස මේ වනවිට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;
(ii) අමුද්‍රව්‍ය හා වෙළඳපොළ පිළිබඳ ගැටලු පවතින බවත්;
(iii) මෙම කර්මාන්තය මඟින් රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වේවැල් නිෂ්පාදන අපනයනය කරන්නේද;
(ii) එසේ නම්, 2015 වර්ෂය තුළ ලබාගත් ආදායම කොපමණද;
(iii) එකී නිෂ්පාදන අපනයනය නොකරන්නේ නම්, අපනයනය කිරීම සඳහා කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) රට තුළ වේවැල් කර්මාන්තයට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-12-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks