පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි,
(i) පිහිටි එකම දෙමළ මාධ්‍ය ජාතික පාසල වන අ/ සහිරා විද්‍යාලය නොසලකා හැරීම හේතුවෙන් විවිධ අඩුපාඩු සහිත වන බවත්;
(ii) “පාසල් 1000” වැඩසටහනට කාඩාණ්ඩුගම, ජායා මුස්ලිම් මහා විද්‍යාලය හා කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය ඇතුළත් කර ඇති නමුත් තාක්ෂණ විද්‍යාගාර හැර වෙනත් කිසිදු පහසුකමක් මේ වනවිට ලබා දී නොමැති බවත්;
(iii) සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ තාක්ෂණවේදය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුරු හිඟයක් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත අ (i) හි සඳහන් පාසලෙහි,
(i) උසස් පෙළ විද්‍යා අංශයේ පවතින ගුරු හිඟය සපුරනු ලබන;
(ii) නව ගොඩනැගිල්ලක් ලබා දෙනු ලබන;
(iii) විදුහල්පතිවරයා සඳහා කාර්යාලයක් සහ ශ්‍රවණාගාරයක් ලබා දෙනු ලබන;
(iv) පානීය ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දෙනු ලබන;
දිනය කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අ (ii) සඳහන් පාසල් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාදෙනු ලබන;
(ii) ඉහත අ (iii) හි සඳහන් පුරප්පාඩු පුරවනු ලබන;
දිනය කවරේද යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-26
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks