E   |     |  

 දිනය: 2016-08-26   පිළිතුර ලබා දී ඇත 

0719/ 2016 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඉෂාක් රහුමාන් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)        (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ගැටලුවක්ව පවතින පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා රජය මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කළද ඒවායින් ප්‍රමාණවත් ප්‍රයෝජනයක් ‍නොලැබුනු බවත්;

                      (ii)       මෙම දිස්ත්‍රික්කයේ 25,000කට අධික පිරිසක් වකුගඩු රෝගයෙන් පෙලෙන අතර ඒ අතරින් 11,000ක පිරිසක් මාරාන්තික තත්ත්වයෙන් තමන්ගේ ජීවිතය ගෙවන බවත්;

      (iii) පානීය ජලයට කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් මෙවැනි ‍රෝග තත්ත්වයන් ඇතිවන බවත්;

      (iv) වකුගඩු රෝගය වැළැක්වීමේ අරමුණින් මේ වනවිට සවිකර ඇති  ජලය පිරිසිදු කරන යන්ත්‍ර ප්‍රමාණවත් නොවන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) පානීය ජල ප්‍රශ්නය  පවතින ප්‍රදේශවලට පානීය ජලය ලබාදීමට නව වැඩසටහන් ආරම්භ කරන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      (iii) රෝගීන් බහුල වශයෙන් ජීවත්වන ප්‍රදේශවලට ජලය පිරිසිදු කරන යන්ත්‍ර ලබාදෙන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-08-26

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks