පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉෂාක් රහුමාන් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් පවතින බවත්;
(ii) ඒ හේතුවෙන් රෝගීන් විශාල දුෂ්කරතාවයන්ට පත්වී සිටින බවත්;
(iii) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉකිරිගොල්ලාව ග්‍රාමයේ, මධ්‍යම බෙහෙත් ශාලාව බොහෝ කාලයක සිට වසා දමා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වෛද්‍ය හිඟයක් පවතින ඉහත අ (i) හි සඳහන් රෝහල්වලට වෛද්‍යවරුන් පත්කරන දිනය කවරේද;
(ii) ඉකිරිගොල්ලාව මධ්‍යම බෙහෙත් ශාලාව ජනතාව සඳහා විවෘත කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-07
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks