E   |     |  

 දිනය: 2016-08-26   පිළිතුර ලබා දී ඇත 

0723/ 2016 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 723/’16

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණයබරතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;

                    (ii)       මුළු ණයබරතාවය ජාතික  ආදායමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      (iii) එම ප්‍රතිශතය 2004 වර්ෂය වනවිට තිබූ ණයබරතාවයේ ප්‍රතිශතයට වඩා අඩු අගයක්ද; නැතිනම් වැඩි අගයක්ද;

      (iv) එම ණය ගෙවීමට රජය යෝජනා කරන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) එම ණයබරතාවය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් මෑතක සිට මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා කොපමණ මුදලක් වෙන්කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) එම දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) දිනපතා හා සති අන්ත පුවත්පත් සඳහා වෙන් කර ඇති මුළු මුදල කොපමණද; 

      යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-08-26

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශීය හා විදේශීය ණයබරතාව : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රනිල් වික්‍රමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks