E   |     |  

 දිනය: 2016-08-23   පිළිතුර ලබා දී ඇත 

0731/ 2016 - ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2015.01.09 දිනට,

                   (i)       ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එක් එක් වරාය අනුව ස්ථිර සේවක සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

       

                 (iii)       එක් එක් වරාය අනුව අනියම් සේවක සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2016.05.10 දිනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

      (ii) 2016.05.10 දිනට අධිකාරියට අලුතින් බඳවා ගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (iii) එම සේවකයන් බඳවාගත් ආකාරය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-08-23

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks