බලන්න

E   |     |  

 දිනය: 2016-09-08   පිළිතුර ලබා දී ඇත 

0788/ 2016 - ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි, මෙතෙක් පරිපාලන කටයුතු සිදුවී ඇත්තේ පැරණි සීමා මායිම්වලට  අනුකූලව වන අතර, 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනත හා 1996.08.02 දිනැති අංක 935 දරන ගැසට් පත්‍රයට අනුව නව මායිම් සලකුණු කරමින් පවතින බවත්;

      (ii) එමඟින්, පදවි ශ්‍රීපුර කොට්ඨාසයේ, 31J සිංහපුර, 31F පරණ මැදවච්චිය සහ 31M සමන්පුර යන ග්‍රාම නිලධාරි වසම් කොට්ඨාස දෙකකට බෙදෙන බවත්;

      (iii) ගෝමරන්කඩවල කොට්ඨාසයේ, 233C මයිලවැව ග්‍රාම නිලධාරි වසමේ කොටසක්ද, සේරුවිල කොට්ඨාසයේ, සමහර කොටස්ද වෙනත් කොට්ඨාසවලට බෙදෙන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) පැරණි පරිපාලන බෙදීම් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 11ට බෙදී තිබූ ග්‍රාම නිලධාරි වසම් හා ගම්මාන කවරේද;

      (ii) අ(i) සඳහන් පනතට අනුව මායිම් යළි සලකුණු කිරීමේදී වෙනත් කොට්ඨාසයකට අයත් වූ ග්‍රාම නිලධාරි වසම්/ගම් කවරේද;

      (iii) දැනට ක්‍රියාත්මක සීමා නිර්ණ කමිටු තීරණ අනුව, අලුතින් කොට්ඨාස මායිම් සලකුණු කරන්නේද;

      (iv) එසේ නම්, එම පදනම කවරේද;

      (v) ඒ සඳහා එක් එක් කොට්ඨාසයේ පදිංචිකරුවන්ගේ එකඟත්වය විමසන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-09-08

අසන ලද්දේ

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks