E   |     |  

 දිනය: 2017-05-05   පිළිතුර ලබා දී ඇත 

0807/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 807/’16

      ගරු බිමල් රත්නායක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා සිදු කරන ලද පිපිරීම්වලදී හම්බන්තොට, මාගම් පාරේ, අංක 24/5 දරන නිවසේ පදිංචි ඒ. ඩබ්ලිව්. උම්මු සලීමා මහත්මිය හා ඇගේ වයෝවෘද්ධ සැමියා ජීවත් වූ නිවසට දැඩි ලෙස අලාභ හානි සිදු වූ බවත්;

      (ii) ඒ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරියට  දැනුම්දීමෙන් පසු සිදු වී ඇති අලාභය පිළිගෙන, අලාභ වූ නිවස සහ ඉඩම සඳහා වන්දි ලබාදෙන බවට වූ පොරොන්දුව මත ඔවුන් නිවසින් ඉවත්වී කුලී නිවසක පදිංචි වූ බවත්;

      (iii) මාසිකව ලබාදෙන බවට පොරොන්දු වූ කුලිය අවස්ථා ගණනාවකදී  ඉල්ලා සිටීමෙන් පසු, අධිකාරිය විසින් මාස 6ක කුලිය එකවර ගෙවා දමා මේ වනවිට ගෙවීම් නවතා දමා ඇති බවත්;

      එතුමා දන්නෙහිද? 

      (ආ) (i) වන්දි ගෙවනතුරු ගෙවීමට එකඟ වූ මාසික කුලිය, හිඟ කුලියද සමඟ ගෙවන දිනය කවරේද;

      (ii) අහිමිවූ ඉඩම සහ නිවස සඳහා වන්දි ගෙවනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-05

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඒ. ඩබ්ලිව්. උම්මු සලීමා මහත්මිය: ඉඩම සහ නිවස සඳහා වන්දි

පිළිතුරු දුන් දිනය

2017-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks