පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දැනට පවුල් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වන පොල්පිතිගම, ඉරුදෙනියාය ජනපදය 1970 දී රජයේ වගා සංග්‍රාමය යටතේ ජනාවාස ලෙස ආරම්භ වූ බවත්;
(ii) මෙම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ජනපදවාසීන්ට නොමැතිවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ස්ථිර නිවාස, මංමාවත්, පාසල්, සමූපකාර, ප්‍රජාශාලා, විදුලිය සහ සමිති සමාගම් ඇතුළු යටිතල පහසුකම් සහිත රජයේ පරිපාලන කටයුතු සියල්ල සිදුවන මෙම ජනපදයේ ඉඩම්වල අයිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත් වර්ෂය කවරේද;
(ii) මෙම දුෂ්කරතා නිසාම ඇතැම්විට වනජීවී නිලධාරින් සහ ජනපදවාසීන් අතර ගැටුම් පවා නිර්මාණය වන වාතාවරණයක් තුළ මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද;
(iii) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා විසින් 6 වන පාර්ලිමේන්තුවේ වනජීවී අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලද මෙම ගැටලුවට ලබාදුන් විසඳුම / තීරණය කවරේද;
(iv) එම විසඳුම/තීරණයට අනුව, මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-21
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පොල්පිතිගම, ඉරුදෙනියාය ජනපදය: ජනපදවාසීන්ට ඉඩම් පැවරීම
පිළිතුරු දුන් දිනය
2017-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks