පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
857/’16
ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිල්වලා යෝජනා ක්‍රමයේ, පළමු හා දෙවන අදියර ක්‍රියාත්මක වූ ප්‍රදේශයන්හි ඉඩම් එම ව්‍යාපෘතියට පවරා ගත් බවත්;
(ii) එම පවරා ගැනීමෙන් පසු ඒ සඳහා නියමිත ක්‍රමවේදය යටතේ පත්ඉරු සකසා නොමැති බවත්;
(iii) එහෙයින් ව්‍යාපෘතියට අයත් ඉඩම් වෙනත් පාර්ශ්ව විසින් අත්කර ගනිමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) නිල්වලා යෝජනා ක්‍රමයට පවරාගත් ගොඩ හා මඩ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ඉඩම්වලින් නියමානුකූලව පත්ඉරු සකසා අවසන් ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) නිල්වලා යෝජනා ක්‍රමයට අයත් ඉඩම් පිළිබඳ නැවත ගණනය කිරීමක් සිදු කරන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉඩම් අවභාවිතාව පිළිබඳ පැමිණිලි ලැබී තිබේද;
(ii) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(iii) එම පැමිණිලි සඳහා ගත් ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-02-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks