පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු විදුර වික්‍රමනායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පෝරුවදණ්ඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ, රත්නපුර - පානදුර ප්‍රධාන පාරට මායිම්ව, රක්ෂිත ඉඩම් කොටසක් සමාජ සේවා පදනම යටතේ “සැනසුම සුන්දර” පදනමට දීර්ඝකාලීන බද්දට ලබාදී ඇති බවත්;
(ii) රක්ෂිත ඉඩම් කොටසක් බදු දීම නීතිවිරෝධි බැවින්, 2013.11.26 දින පැවති ඉඩම් අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී “එම රක්ෂිත ඉඩම නැවත පවරාදෙන ලෙස අදාළ ආයතනයට ලිඛිතව දැනුම් දීමක් කරන බවත්, ඒ අනුව කටයුතු නොකළහොත්, ඉඩම පවරා ගැනීමට සිදුවන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.” යනුවෙන් රැස්වීමේ කාර්ය සටහන්හි සඳහන් වන බවත්;
(iii) එම තීරණයෙන් වසර දෙකකටත් අධික කාලයක් ගතවී ඇතත්, මේ දක්වා එම ඉඩම පවරාගෙන නොමැති බවත්;
(iv) 2014.06.24 දින කරන ලද ස්ථානීය පරීක්ෂාවේදී, සමාජ සේවා පදනමින් ලබාගත් ඉඩමේ වාණිජ කටයුත්තක් සිදු කිරීම, අපවිත්‍ර ජලය සහ පොලිතින් මාවක් ඔයේ ජලයට මිශ්‍ර කිරීම සහ පොලිතින් පිළිස්සීම වැනි සාවද්‍ය කටයුතු සිදුකරන බව සනාථ වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) උපදේශක කාරක සභා තීරණය අනුව, මෙම ඉඩම නැවත රජයට පවරා ගන්නා දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-12
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks