E   |     |  

 දිනය: 2016-10-06   පිළිතුර ලබා දී ඇත 

0884/ 2016 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු අනුර දිසානායක මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       අ. පො. ස. (උසස් පෙළ) වාණිජ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට ඇතුල්වීම සඳහා සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැනට පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාලා කවරේද;

      (ii) 2014 / 2015 සහ 2015 / 2016 අධ්‍යයන වර්ෂවලදී එකී පාඨමාලා සඳහා බඳවා ගන්නා ලද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව, පාඨමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ඉහත (අ)(ii)හි බඳවා ගත් සිසුන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් බඳවා ගන්නා ලද;

      (i) ශිෂ්‍යයන් සංඛ්‍යාව;

      (ii) අවම සුදුසුකම් සහිත ශිෂ්‍යයාගේ “Z” අගය හා දිස්ත්‍රික් කුසලතාව (පාඨමාලාව හා අධ්‍යයන වර්ෂය අනුව);

      කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) අධ්‍යාපන කටයුතු හැර වෙනත් ක්‍ෂේත්‍රයන්හි විශිෂ්ඨතාවයක් දක්වා ඇති සිසුන්  “විශේෂ දක්ෂතා” ගණය යටතේ, විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය කවරේද;

      (ii) ඉහත (අ)(i)හි සඳහන් එක් එක් පාඨමාලා සඳහා “විශේෂ දක්ෂතා” යටතේ අදාළ අධ්‍යයන වර්ෂවලදී බඳවා ගන්නා ලද ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-10-06

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks