පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දෙනියාය, පල්ලෙගම, කළුගස්වත්ත යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. කේ. තිලකරත්න මහතා සහ පවුලේ අය පේෂකර්ම දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කාලයකට පෙර අත් යන්ත්‍ර මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කරන ලද බිඳවැටීමේ තර්ජනයට මුහුණ පා තිබෙන පැරණි ගොඩනැගිල්ලක ජීවත් වන බවත්;
(ii) තිලකරත්න මහතා පදිංචිව සිටි පාරම්පරික නිවස භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් නාය යාමේ දැඩි තර්ජනයකට මුහුණ දී තිබෙන බවට හඳුනාගැනීම නිසා පල්ලේගම උතුර ග්‍රාම නිලධාරිවරයාගේ නිර්දේශය මත කොටපොළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ගොඩනැගිල්ල පදිංචිය සඳහා ඔහුට සහ පවුලේ අයට ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම පැරණි ගොඩනැගිල්ල කඩා දමා නව නිවසක් ගොඩනැගීම සඳහා තිලකරත්න මහතා වෙත මෙම ඉඩම ලබා දීමට හෝ එසේ නැතිනම්, නිවසක් ගොඩනැගීමට වෙනත් සුදුසු ඉඩමක් හෝ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නේද;
(ii) එසේ නම් ඒ කවදාද ;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-10-07
අසන ලද්දේ
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks