E   |     |  

 දිනය: 2016-11-16   පිළිතුර ලබා දී ඇත 

0898/ 2016 - ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු චමල් රාජපක්ෂ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015 යල හා මහ සහ 2016 යල යන කන්න තුන තුළදී ලැබූ මුළු වී අස්වැන්න කොපමණද;

                   (ii)       එයින්, වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය සහ ගබඩාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) මණ්ඩලය විසින් වී කිලෝවක් මිලදී ගත් මිල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2016.07.31 දිනට එම ගබඩාවල ඉතිරි වී ඇති වී තොග ප්‍රමාණය කොපමණද;

      (ii) එම ගබඩාවලින් විකුණා ඇති වී තොග ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම වී තොග මිලදී ගත් පුද්ගලයන් හෝ සමාගම් සහ ඔවුන්ට වී තොග අලෙවි කළ මිල කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) සතොස සහ වෙනත් රජයේ ආයතන සඳහා නිකුත් කර ඇති වී තොග ප්‍රමාණය කොපමණද;

      (ii) පුද්ගලයන් සහ සමාගම් සඳහා වී විකුණා ඇති හේතු ‍කවරේද;

      (iii) සත්ව ආහාර සඳහා සහ මත්පැන් නිෂ්පාදනයට ලබා දී ඇති වී තොග ප්‍රමාණය සහ අලෙවි කළ මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-16

අසන ලද්දේ

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks