E   |     |  

 දිනය: 2016-11-19   පිළිතුර ලබා දී ඇත 

0910/ 2016 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      යුද්ධයෙන් අවතැන්වූවන් රැඳී සිටින වවුනියාව, පුංතොට්ටම් කඳවුර විවෘත කරන ලද දිනය කවරේද;

                    (ii)      එම කඳවුර තවමත් පවත්වාගෙන යන්නේද;

                 (iii)      එසේ නම්, දැනට එම කඳවුරේ පදිංචිකරුවන් සංඛ්‍යාව කොපමණද;

      (iv) එයට වැසිකිළි, ජල සහ විදුලිය පහසුකම් ලබා දී තිබේද;

      (v) එම අවතැන්වූවන් වෙනත් ස්ථානයක ස්ථිර වශයෙන් පදිංචි කිරීමේ ‍යෝජනාවක්  ඉදිරිපත්ව තිබේද;

      (vi) එසේ නම්, එය කවරේද;

      (vii) වසර ගණනාවක් වවුනියාවේ ජන ජීවිතයට හුරුවී සිටින එම ජනතාව සිංහල - දෙමළ සංහිඳියාව සුරකිමින් එම ප්‍රදේශයේ ජීවත්වන බැවින්, ඔවුන්ට එම ස්ථානයේම නිවාස සංකීර්ණයක් ඉදිකර පදිංචි කරවීමට ඇති නොහැකියාව කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-19

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වවුනියාව, පුංතොට්ටම් කඳවුර : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී.එම්. ස්වාමිනාදන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks