E   |     |  

 දිනය: 2016-11-16   පිළිතුර ලබා දී ඇත 

0911/ 2016 - ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ප්‍රසන්න රණතුංග මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2007 වසරේ සිට කැලණිය විශ්වවිද්‍යාලය, කථන හා ශ්‍රවණ විද්‍යාවේදී නමින් සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලාවක් ආරම්භ කළ බවත්;

                   (ii)       මෙම උපාධි පාඨමාලාව, පළමු වසරින් පසුව කථන හා භාෂා චිකිත්සාව සහ ශ්‍රවණවේදය නමින් විද්‍යාවේදී විශේෂ පාඨමාලාවන් දෙකක් ලෙස නම් කරන  ලද බවත්;

      (iii) කථන හා භාෂා චිකිත්සාව හැදෑරූ උපාධිධාරින්, භාෂා චිකිත්සකවරුන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්නා බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ශ්‍රවණවේදී උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයට  බඳවා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-16

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කථන හා ශ්‍රවණ විද්‍යාවේදී උපාධිධාරින්: බඳවා ගැනීම

පිළිතුරු දුන් දිනය

2017-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාජිත සේනාරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks