බලන්න

E   |     |  

 දිනය: 2017-02-09   පිළිතුර ලබා දී ඇත 

0919/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කොල්ලුපිටිය, හයට් හෝටල් (Hyatt Hotel) සංකීර්ණය ඉදිකරන ඉඩමේ වර්ග ප්‍රමාණය කොපමණද;

                   (ii)      එම ඉඩම ලබාගෙන ඇත්තේ බදු පදනමින්ද;

                 (iii)      එසේ නම්, ඒ කවර ආයතනයෙන් කවර කාලයකටද;

      (iv) එම ඉඩමේ තක්සේරු වටිනාකම කවරේද;

      (v) එම ඉඩමේ බදු වටිනාකම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) හෝටලය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      (iii) ඉදිරිපත් වූ කොන්ත්‍රාත්කරුවන් හා ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අත්සන් කළ දිනය කවරේද;

      (v) ඒ සඳහා උත්සවයක් පවත්වනු ලැබුවේද; එසේ නම්, එහි වියදම කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ඉදිකිරීම් සඳහා විදේශීය ඉංජිනේරු උපදේශක සේවා ලබාගෙන තිබේද;

      (ii) එසේ නම්, එම ආයතනය කවරේද;

      (iii) ඒ සඳහා ගෙවූ මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-09

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

හයට් හෝටල් සංකීර්ණය ඉදිකිරීම: ටෙන්ඩර් කැඳවීම

පිළිතුරු දුන් දිනය

2017-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks