E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

0920/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 920/’16

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2011 සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පැරණි යකඩ අලෙවි කිරීම සඳහා කටයුතු කර තිබේද;

                   (ii)       එසේ නම්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

                  (iii)       2011 සිට 2015 දක්වා එක් එක් වර්ෂයේදී අලෙවි කළ යකඩ ප්‍රමාණයන් හා මිල ගණන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම යකඩ මිලදී ගත් පුද්ගලයන් සහ එක් එක් පුද්ගලයා විසින් මිලදී ගන්නා ලද යකඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) වෙළඳපොළේ පැවති මිල ගණන්වලට වඩා අඩුවෙන් විකිණීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුවූ අලාභය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැරණි යකඩ අළෙවි කිරීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks