E   |     |  

 දිනය: 2016-11-18   පිළිතුර ලබා දී ඇත 

0930/ 2016 - ගරු චන්දිම ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු චන්දිම ගමගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලයට අයත් රුපියල් බිලියන 03ක මුදලක් අයථා ලෙස පරිහරණය වී ඇති බවට වූ චෝදනාව පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබේද;

                   (ii)      මණ්ඩලයට අයත් මුදල් අයුතු ලෙස පරිහරණය වන බව නිරීක්ෂණය කිරීමට  මණ්ඩලයේ විගණන නිලධාරින් අසමත් වීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ලංකා විදුලිබල මණ්ඩලය සතු මුදල් පෞද්ගලික සමාගමක් හරහා ආයෝජනය කිරීමට තීරණය කරන අවස්ථාවේ,

      (i) මණ්ඩලයේ සභාපති;

      (ii) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්;

      (iii) විෂය භාර අමාත්‍යවරයා;

      කවුරුන්ද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ඉහත (ආ)හි සඳහන් ආයෝජනය පිළිබඳව තීරණය කරන ලද දිනය කවරේද;

      (ii) එකී ආයෝජනයේ ඵලදායිතාව පිළිබඳව නිර්දේශ කරන ලද නිලධාරින්ගේ නම් කවරේද;

      (iii) ඉහත (ii)හි සඳහන් නිලධාරින්ට එරෙහිව මණ්ඩලය විසින් ගෙන ඇති විනයානුකූල පියවර කවරේද;

      (iv) ඉහත (ii)හි සඳහන් නිලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ප්‍රකාරව කටයුතු කර  තිබේද;

       (v) ඉහත (iii) සහ (iv)ට අනුව කටයුතුකර නොමැති නම්, එයට හේතු කවරේද;

       (vi) ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ගන්නා පියවර කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-18

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks