E   |     |  

 දිනය: 2016-11-18   පිළිතුර ලබා දී ඇත 

0935/ 2016 - ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2005 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී න්‍යෂ්ටික බලශක්තියෙහි සාමකාමී යෙදවුම් පිළිබඳ පර්යේෂණ සඳහා රජය විසින් ආයෝජනය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       පරිසරය, කර්මාන්ත, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි විෂයයන්ට අදාළව, ශ්‍රී ලංකාව තුළ සිදුකරන න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගන්නා පර්යේෂණ අවම මට්ටමක පවතින බව දන්නේද;

      (iii) න්‍යෂ්ටික බලශක්තියට අදාළව සාමකාමී යෙදවුම් පිළිබඳ ප‍ර්යේෂණ සඳහා ඉදිරියේදී රජය විසින් යෙදවීමට අපේක්ෂා කරන මුදල ‍කොපමණද;

      (iv) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරනු ලබන ක්‍ෂේත්‍ර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-18

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks